තමන්ට ගැලපෙන tripod එක තෝරාගන්නේ කොහොමද ?
මම මුලින්ම කැමරාවක් ගන්න ගිහාමත් මේ ගැන ඇත්තටම දෙපාරක් හිතුවා. ඒ මොන Brand එකක් ගන්නවද කියලා නම් නෙමෙයි. ඇත්තටම මේ අටමගලේ මොන එහෙකට ගන්නවද කියලා 🤣 .
මෙහෙමයි අපිට කොහොහරි යනකොට විශේෂයෙන්ම landscape photography කරන කෙනෙකුට කැමරාව හරියට stable කරගන්න ඕනේ , විශේෂයෙන්ම long exposure එකක් ගන්නකොට ඕක අතේ තියාගෙන photos ගන්න බැහැනේ. ඊටත් වඩා අපිට අතේ දුරට වඩා උසින් දෙයක් ගන්න කොට ( High angle ) සහ අපිට පොලවේ මට්ටමේ තියලා photo එකක් ගන්න කොට ( low angle ) Handheld shoot කරන්න අමාරුයි. අනික අපිට ඕක ගල් උඩ කොට උඩ තියලා අපිට ඕන විදිහට photos ගන්නත් බැහැනේ. අනික අපි යනකොට මේස පුටු අරන් යන්නෙත් නැහැනේ. අන්න ඒ නිසා තමයි tripod එකක් ඕන වෙන්නේ.
Sirui W-2204 Waterproof Carbon Fiber Tripod
ඉතිං ඕකට එක එක විදිහේ ක්‍රම උත්සහ කරලා තමයි අන්තිමට කකුල් තුනකට මේක හදලා portable කරගෙන තියෙන්නේ. ඉතිං කකුල් තුනේ එකට Tripod කියනවා, තනි කකුලේ එකට Monopod කියනවා. සරලයි. දැන් තෙරුනානේ ඇයි tripod කියන්නේ කියලා 😋
ඉතිං අර හැමෝම කියන්නේ ඕනෑම කැමරාවක් හොදයි ඔක්කොම කැමරා හදලා තියෙන්නේ photo ගහන්න තමයි, ඕකට Full Frame වෙන්නම ඕන නැහැ මගේ ෆෝන් එකත් ඇති කියනවා වගේ Tripod එකටත් ඕනෑම කැමරාවක් හයිකරගෙන photos ගන්න පුළුවන්. එත් අපි බලමු අපිට හරියටම හරියන tripod එක තෝරාගන්නේ කියලා.
එකක් ගන්නකොට දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා.ඒවා තමයි
බර කීයද ? Travel / Landscape photograohy අපි හැමෝම දැන් හොයන්නේ බරින් අඩු දේවල්. ඒ අපේ Backpack එකේ බර අඩු කරගන්න. ඉතිං Tripod එකේ බර මේකට ගොඩක් වැදගත්. Camera Bodies , Lenses සහ Filters වගේම Tripod එකෙත් බර වැඩි උනොත් අපිට පයින් දුර ඇවිදිනකොට, Hike එකක් යනකොට සැහෙන අමාරුයි.ඒ නිසා පුළුවන් තරම් බර අඩු එකක් තෝරා ගන්න. එතකොට අරං යන්න පහසුයි.
2. උස කොච්චරද ?
මගේ පුද්ගලික මතය නම් හැම වෙලාවෙම Tripod එකක් ගන්න කොට උසින් වැඩිම එක ගන්න කියන එකයි. මොකද මොනයම් හෝ අවස්ථාවක උස මදි උනොත් අපිට ඒ වෙනුවට වෙන ආදේශකයක් ගන්න බැහැ. ඒ වගේම තම Tripod එක ගන්නකොට බලන්න Center Column එක අනිත් අතට භාවිත කරන්න පුලුවන්ද කියලා. එතකොට අපිට පුළුවන් tripod එක කොච්චර උස උනත් Low angle shot එකකට යන්න.
3. සවි ශක්තිය කොහොමද ? සාමාන්‍යයෙන් දෙයක් ශක්තිමත් බව වැඩි වෙනකොට බර වැඩි වෙනවා. එත් ඉතිං මම කිව්වනේ බරින් අඩුම එකක් ගන්න කියලා. ඒ කිව්වේ බරින් වැඩි යකඩ, ඇලුමිනියම් tripod ගන්නේ නැතුව Carbon Fiber Tripod එකක් ගන්න කියලා. හැබැයි Carbon Fiber Tripod එකක් ගන්නකොට මතක ඇතුව බලන්න එක layers කීයක එකක්ද කියලා සම්නයෙන් layers 6,8 නැත්නම් 10 වගේ ගන්න පුළුවන් නම් ඉතාමත්ම ශක්තිමත්.
ඒ වගේම හිතන්න ඕන දෙයක් තමා Tripod එක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. ඒ නිසා පුළුවන් නම් Waterproof Tripod එකක්ම ගන්න බලන්න. එතකොට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයන්ම ඇලුමිනියම් / යකඩ Tripod පාවිච්චි කරන අය මුහුදු වතුර වදින තක ෂූට් කලොත් මතක ඇතුව ගෙදර ආපු ගමන් Tripod එක සාමාන්‍ය වතුරෙන් පිරිසිදු කරගෙන වේලෙන්න අරින්න. නැත්නම් Tripod එක ඉතාමත්ම ඉක්මනට සවුත්තු වෙනවා.
4. භාවිතයට කොතරම් පහසුද ?
හැමදේම හොඳට තිබිලා පාවිච්චි කරන්න අමාරු නම් ඉතිං මොන දෙකින් උනත් වැඩක් නැහැනේ. tripod එකත් එහෙමයි. Tripod Legs දිග හරින්න අකුලන්න තියෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හොඳට බලන්න එකේ එන්නේ lock නම් තමයි පොඩ්ඩක් අමාරු. මොකද ඕක එහාට මෙහාට දන්නා ඕන. ඒ වගේම ඔකේ එන්නේ ඇන දාලා එතකොට නිතර පාවිච්චි වෙනකොට ඒවා ලූස් වෙනවා. හැබැයි කරකවලා lock කරන්න එන එක එහෙම නැහැ. use කරන්න හරිම ලේසියි. බුරුල් කරපු ගමන් Tripod Legs පහලට වැටෙනවා. තද කරද්දීත් එහෙමයි ට්‍රිපොඩ් එක අනිත් ඕන සේරම අකිලෙනවා.
මේ සේරම වගේම තවත් වැදගත්ම දෙයක් තමයි Tripod Head එක. සාමාන්‍ය Tripod එකක් ගන්න කොට Head එකක් තියෙනවා. එත් professional Tripod එකක් ගන්නකොට එහෙම නෙමෙයි අපිට වෙන වෙනම Head එක සහ Center column එක ගන්න සිද්ධවෙනවා ඒ අදාළ Tripod මාදිලිය අනුව.
ඉතිං tripod Head ගැන කථාකරනකොට එක එක brand වලින් Tripod හදන නිසා එක එක අකාරයේ Heads තියෙනවා, සහ ඒවාට ආපු Plate තියෙනවා. ඒ නිසා හැමවෙලවකදිම උතසහ කරන්න Universal Tripod Head එකක් අරගන්න එතකොට ඔයාට පුළුවන් Brand එක බලන්නේ නැතුව ඒක තවත් Brand එකක් එක්ක use කරන. සහ Plate එකක් ගන්නකොට පුළුවන් නම් L Bracket එකක්ම ගන්න. එත්කොට Vertical shoot කරද්දී Single Axis point එකක කැමරාව Rotate කරගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙන්නේ Panorama Photography වලදී.
Comentarios