• Anushka Eranga

Sony A9II Review – සිංහලෙන්

sony කියන්නේ හැමදාම අලුතින් දෙයක් කරපු Brand එකක්, Camera වලට විතරක් නෙමෙයි, TV සහ Audio Accesories ගත්තත් එහෙමයි. ඉතිං කාලයක් තිස්සේ පැවතගෙන ආවත් MIrrorless මාදිල්යේ කැමරා මේ තරම් ජනප්‍රිය වීමට සහ එක Trend වෙන්න ප්‍රධානතම හේතුව වුනේ Sony. ඉතිං අද මම කතා කරන්නේ Sony A1 කැමරාවට කලින් ආපු සොණ්ය් A9II කැමරාව ගැන. ඉතින් මේ කැමරාව එන්නේ Sony A9 කැමරාවේ Upgread version එක විදිහට. අලුත් කැමරාවක් market එකට එද්දී ඒක release වෙන්නේ පරණ model එකට වඩා වැඩිපුර features ගොඩක් එකතු කරමින්. නමුත් A9 එකේ ඉදං A9II වෙද්දී අපිට දැකගන්න ලැබෙන්නේ performance වල වෙනසක් විතරයි. එහෙනම් අපි බලමු මේ වෙනස්කම් මොනවද කියල

Sony 9II වලත් A9 කැමරාවේ වගේම තියෙන්නේ..

  1. 24.2MP Exmor RS Stacked sensor එකක්

  2. ISO 100-51200 range (up to 204800)

  3. 20fps with AF/AE tracking, blackout-free live view

  4. up to 1/32000s with electronic shutter

  5. 693 phase and 425 contrast detection AF points

  6. 60 times per second AF calculations

  7. Real-Time Tracking and Real-Time Eye AF (human and animals)

  8. 3.69M dots EVF (0.78x, 120hz)

  9. 1.44M dots LCD screen with touch sensitivity

  10. No Picture Profiles for video

ඉතිං මම උඩින් දාල තියෙන හැමදේම A9 සහ A9II කැමරාවේ එක හා සමානයි. එතකොට මොනවද මේකේ upgrade වුනේ ?

  1. Design කැමරාව එකට වඩා චුට්ටම චුට්ටක් ලොකුයි, ඒ කියන්නේ කලින් එකට වැඩ ටිකක් හොදට මේක අතට Grip වෙනවා..

– ඊට මතරව button ටිකක් අතට හොදින් අහුවෙන්න තියෙනවා, ඔයාල gloves දාගෙන කැමරාව use කරනවා නම් ඔන්න දැන් ඔයාලට කලින් වගේ අපහසු නැහැ. මේක ගොඩක් වෙලාවට උවමනා වෙන්නේ අපි Winter එකේ shoot කරනකොට තමයි

  1. Mechanical Shutter කැමරා දීකෙම Electronic shutter speed එක 20Fps උනාට A9 කැමරාවට තිබුනේ 5Fps shutter speed එකක්, එත් ඒක A9II එකේදී 10Fps දක්වා වැඩිකරලා තියෙනවා.

  1. Anti-Flicker mode මේක නම් A9 එකේ තිබ්බේ නැහැ, නමුත් එකට ඇතුලත් වෙලා තියෙන නිසා දැන් අපිට පුළුවන් fluorescent light එකකදී exposure එක හරියට adjust කරගන්න. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තම මේක Video mode එකෙදී සහ electronic shutter එකේදී use කරන්න බැහැ.

  2. Real Time Eye AF for Videos A7RIV කැමරාවට පස්සේ video වලට Real Time Eye AF ආපු පලවෙනි fullframe කැමරාව තමයි A9II කැමරාව.

  3. Image stabilisation කැමරා දෙකටම 5-axis in-body stabilisation (IBIS) අන්තර්ගතයි, හබැයි A9 එකේ 5Ev වෙනකොට A9II වෙද්දී මේක 5.5Ev දක්වා වැඩි කරලා තියෙනවා

  1. Connectivity

  2. කැමරා දෙකටම LAN cable පහසුකම තියෙනවා හැබැයි A9II එකේදී ඔයාලට පුළුවන් SSL saha TLS පහසුමක එක්ක FTP server එක්ක data Transfer කරන්න.

  3. ඒ වගේම තමා A9II කැමරාවේ wireless speed එක 5.GHZ දක්වා වැඩි කරලා තියෙනවා, ඒක A කැමරාවේ තිබ්බේ 2.4Ghz.

  4. USB Type C port එකකුත් A9II එකට එකතු වෙලා තියෙනවා..

7. Voice Memo මේක ගොඩක් වුවමනා photo-journalists ලට වගේ තමයි එහෙමත් නැත්නම් sport photography, awards ceremony වගේ cover කරන අයට එයාලට පුළුවන් මේ voice memo option එක use කරලා ඒ පින්තුරයට අදාලව දෙයක් image එකටම attach වෙන්න save කරගන්න. එතකොට series එකක් වගේ ගන්නකොට ගොඩක් ලේසි.

8. UHS-II cards A9 කැමරාවේ UHS-II cards support කලේ slot 1 එකට විතරනේ, නමුත් A9II කැමරාවේ slots දෙකම UHS-II cards support කරනවා.

ඉතිං මේවා තමා Sony A9II කැමරාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ, පුදගලිව මට මේකේ තියෙන එකම අඩුපාඩුව නම් Picture Profiles ලබාදී නොමැති කම සහ මට හිතෙනවා sony සමාගමට තිබුනා මේකේ Pixels ගණන 36MP වෙනකන්වත් වැඩි කරන්න.

#sonya9vsa9iicomparison

4 views0 comments