• Anushka Eranga

Sony – ලෝක ඡායාරූප තරඟය 2019

මම ඉස්සෙල්ලම කියන්නම් මේ තරගය මොකක්ද කියලා. Sony World Photography Awards කියන්නේ හැම අවුරුද්දකම නොකඩවා පැවැත්වෙන ඡායාරූප තරඟයක්. මේක ලෝකෙයේ පැවැත්වෙන ඡායාරූප තරඟ අතරින් ඉතාමත්ම වටිනාකමක් හිමිකරගත් තරඟයක් කිව්වොත් ගොඩක් නිවැරදියි.

ඉතිං පහලින් උත්තර දීලා තියෙන්නේ මගෙන් වැඩියෙන්ම අහන ප්‍රශ්න ටිකට

1 – මේකට සහභාගී වෙන්න පුළුවන් කාටද ?

මේකට ඕනෑම කෙනකුට මේකට සහභාගී වෙන්න පුළුවන්.

2 – මොනවගේ කැමරාවක් තියෙන්න ඕනද ?

මේකට ඕනෑම කැමරාවක් යොදාගන්න පුළුවන්, ඔබ ලග කැමරා එකක් නැතිනම්,ජංගම දුරකතයකින් හරි කමක් නැහැ, ලස්සන ෆොටෝ අරන් දාන්න පුළුවන්.

3 – මේකට නොමිලේ සහභාගී වෙන්න පුලුවන්ද ?

ඔව්, සම්පූර්ණයෙන්ම නොමිලේ.

4 – Photos කීයක් දාන්න පුළුවන්ද ?

Professional Section එකෙන් Apply කරනවා නම් ඔබට අවම Photos 5ක් සහ උපරිම 10ක් දාන්න පුළුවන්, ඒ වගේම ඕනෑම category එකකින් කැමති විදිහට Photos දන්න පුළුවන්.

Open and Youth Section එකේදී උපරිම Photos 3ක් දාන්න පුළුවන් , ඊට වඩා දානවා නම් මුදලක් ගෙවන්න වෙනවා. එකේ image bundle දෙකක් තියෙනවා, එකේ Images 8 සහ 20 විදිහට. ඒ මිල ගණන් එතැනින්ම බලාගන්න පුළුවන්.

5 – Photos දාන්නේ කොහොමද ?

Photos දාන්න ඕන online. ඒ කියන්නේ Print කරලා හෝ CD මගින්, නැතිනම් වෙනත් link එකක් මගින් යොමු කරන්න බැහැ කියන එකයි. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං පුළුවන් ඔයාලගේ Photos Upload කරන්න.

6 – Photos දාන්න ඕන Size එක සහ Format එක මොකක්ද ?

image එකක size එක අවම 1 MB වෙන්න ඕන, උපරිම 5 MB වෙන්න ඕන. Format එක JPEG, නැතිනම් TIFF වෙන්න ඕන සහ color profile එක RGB වෙන්න ඕන. දාන හැම Image එකක්ම High Resolution විය යුතුයි. ඒ වගේම Watermark නැති විය යුතුයි.

7 – Photos දාන්න පුළුවන් අන්තිම දවස කවද්ද ?

2019 ජනවාරි 04

8 – කවුද මේ තරඟය Judge කරන්නේ ?

තරඟය අවසන් වනතුරු කිසිම Judge කෙනෙකුගේ තොරතුරු ඉන් පිටතට ලැබෙන්නේ නැහැ සහ photos දාන්නෙ කවුද කියන එකත් Judge Board එකට දැනගන්න ලැබෙන්නේ නැහැ.

තව මුකුත් දැනගන්න තියෙනවද ? එහෙනම් පහලින් Comment එකක් දාලා අහන්න. නැත්නම් Sony එකෙන්ම අහන්න පුළුවන් මෙන්න මේ Link එකට ගියා නම්.

#sonyworldphotographyawards #phtographycompetition #SWPA #anushkaeranga #worldphoto

1 view0 comments

Recent Posts

See All