• Anushka Eranga

Photos වල Sharpness වැඩිකරගන්නේ මෙහෙමයි.

ඉතිං අද මම කථාකරන්න යන්නේ Photo එකක් ගන්නකොට සහ Photo එකක් ගත්තට පස්සේ කොහොමද ඒ Photo එකේ Sharpness වැඩිකරගන්නේ කියලා.

මෙහෙමයි මේකට එක එක විධි තියෙනවා. එක එක අය නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා photo එකේ sharpness increase කරගන්න. එහෙනම් අපි මුලින්ම බලමු photos ගන්නකොට shapness වැඩි කරගන්න මොනාද කරන්න ඕන කියලා.

  1. sensor එක clean වෙන්න ඕන. ඒ වගේම Lens එක. මේ දෙකම හොඳට clean වෙලා තියෙන්න ඕන. විශේෂයෙන්ම දේශගුණික තත්ත්ව වෙනස් වෙද්දී සහ AC කාමරය ඉදල එහෙම එලියට යද්දී. මොකද එතකොට එකේ humidity එක හැදෙනවා. එතකොට ටිකක් වෙලා යනකන් අපිට ෆොටෝස් ගන්න බැහැ, මොකද බොඳවෙලා පෙන්නේ.

https://www.instagram.com/p/BjvnJNhAQ5X/

2. දෙවෙනි එක තම lens එකට ඉස්සරහින් ගහලා තියෙනවා 3rd party Filters. විශේෂයෙන්ම තත්වයෙන් බාල filters දම්මමත් photos වල sharpness අඩු වෙනවා. ඒ නිසා filter ගන්නකොට තත්වයෙන් උසස්, මනා නිමාවකින් යුතු filters මිලදී ගන්න බලන්න.

3. ඊලග එක තමයි Tripod එක. sturdy tripod එකක් use කරද්දී කැමරාව හෙල්ලෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම පාද ශක්තිමත් tripod එකක් ගන්න. දැන් තියෙන tripod එක පොඩ්ඩක් වැනෙන එකක් වගේ නම් Center colomn එකේ බරක් එල්ලන්න එතකොට tripod එක ගස්සෙන්නේ නැහැ.

© Digital Photo Magazine

ඒ කිව්වේ photos ගන්න කලින් අපි sharpness අඩු වෙන්නේ නැති වෙන්න ලෑස්තිවෙන හැටි, දැන් අපි බලමු photos ගන්නකොට කොහොමද sharnpess හදාගන්නේ කියලා.

  1. Shutter Speed –

මේක නම් අපි photos ගන්න ආකාරය අනුව වෙනස් වෙනවා. එත් අපි සාමාන්‍ය අවස්ථාවක photos ගන්නවා නම්, ඒ කිව්වේ event එකක, wedding එකක වගේ අවස්ථාවක නම් එක අඩුම තරමින් shutter speed එක 1/60න වත් උඩින් තියාගන්න එතකොට photos blur වෙන්න තියෙන chance එක අඩුයි.

අපි ගන්නේ long exposure එකක් නම්, කලින් කිව්වා වගේ හොඳ Tripod එකක් use කරන්න.

ඒ වගේම IR / wired remote එකක් හරි use කරන්න එතකොට camera එක shutter කරනකොට හෙල්ලෙන්නේ නැහැ.

ඔයා Use කරන්නේ Nikon කැමරාවක් නම් Exposure Delay enable කරගන්න එතකොට Mirror එකෙන් වෙන සෙලවීම වෙන්නේ නැහැ.

© Photography life

  1. ඊලග එක තමයි ISO – සෑම කැමරාවකටම යා හැකි ISO අගයක් තියෙනවා, ඒ නිසා මුලින්ම කරන්න ඕන ඒක හඳුනාගන්න එක. නියමිත ප්‍රමාණයට වඩා ISO use කරනකොට වෙන්නේ Image එකේ noise gain වෙන එකයි. එතකොටත් image එකේ sharpness drop වෙනවා. මේකට කරන්න ඕන හොඳම දේ නම් Image stack කරන එකයි. stack කරන්නේ කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම්

ඊලගට අපි කථාකරන්නේ Post precess එකේදී කොහොමද Images වල sharpness වැඩි කරගන්නේ කියලා.

Unsharp Mask – මේක ගොඩක් photographers ලගේ favorite tool එකක්. මේක apply කරන්න photoshop, Open කරලා පහල තියෙන විදිහට ඔයාට අවශ්‍ය ආකාරයට values change කරගන්න. Filter > Sharpen > Unsharp Mask

© Anushka Eranga

High Pass Filter – මෙහත් ඉතාමත්ම ලේසි තවත් එක ක්‍රමයක්. මේක කරන්නේ දැනට තියෙන ලයෙර් එකම duplicate කරලා ඒකට අපි high pass Filter එක apply කරනවා. Filter > Other > High Pass

© Anushka Eranga

දැන් අපි බලමු 3rd party applications වලින් shapness වැඩි කරගන්නේ කියලා.

Topaz Labs – මෙයාලගේ application bundle එකක් තියෙනවා, තනි තනිව ගන්නත් පුළුවන් හැබැයි සම්පූර්ණ bundle එක මිලදී ගන්න පුළුවන් නම් තනි තනිව මිලදී ගන්නවට වඩා ලාභයි. මේකේ sharpness වැඩි කරගන්න use කරන්න ඕන AI Clear කියන ටූල් එක. ( https://topazlabs.com/ai-clear/ | 59.99 USD )

DXO Nik Tools – කවුරුත් දන්නා Application bundle එකක්. කලින් අයිති වුනේ google සමාගමට ( Google NIK ). මේකෙත් කලින් වගේම application bundle එක ගන්නවා නම් තමා වාසි.එකේ තියෙනවා SHARPENER PRO කියලා Plug In එකක් එක use කරල පුළුවන් අපිට අවශ්‍ය area වල අවශ්‍ය ආකාරයට shapness වැඩි කරගන්න.

ඉතිං අවස්ථානුකූලව මම මේවා පාවිච්චි කරන විදිහ වෙනස් වෙනවා. ඔයාලත් උත්සහ කරලා බලන්න. මේක කියවල අලුත් දෙයක් ඉගෙනගත්තා කියලා හිතෙනවා නම් අනිත් අය එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඔයාලට Filters ගන්න අවශ්‍ය නම් cameralk.com එකෙන් SIRUI Filters ගන්න පුළුවන් ” ANUSHKAERANGA ” coupen code එක use කලොත් Discount discount එකකුත් ලැබෙයි.

ඒ වගේම මගේ facebook Page එකේ තියෙන ෆොටෝ බලලා කැමති නම් Like එකක් දාන්නත් Instagram එකට ගිහිං Follow කරන්නත් අමතක කරන්න එපා. ❤️

ස්තුතියි !

#photography #TipsampTricks

10 views0 comments

Recent Posts

See All