• Anushka Eranga

Backup කරමු !

අපි හැමදාම photos ගන්න විදිහ ගැන කථාකලාට කවුරුත් කතා කරලා නැහැ Images backup කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා මම හිතුවා අපේ files backup කරගන්න තියෙන හොදම විදි මොනවද කියලා කථාකරන්න.

photographer කෙනෙක් විදිහට ජීවිතේ වෙන්න පුළුවන් අවාසනාවන්තම සිදුවීම තමයි තමන්ගේ photos විනාශ වී යාම. දැනටමත් මේකේ වේදනාව දැනෙන අය අපි අතර ඕන තරම් ඉන්නවා වගේම මේක අත් විඳපු නැති අයත් ඉන්නවා.

දවසක් මම event එකක් cover කළා, ඒක ටිකක් ලොකු company එකක annual meeting එක. ඉතිං මමයි යාලුවෙකුයි තමයි වැඩේට ගියේ, එයා වීඩියෝ කරනවා මම photos ගන්නවා. ඉතින් මෙහෙම දවසෙන් භාගයක් විතර යනකොට එක පාරට card එක read කරන්නේ නැතුව ගියා, කිසිම හේතුවක් නැතුව. හැබැයි හොඳ වෙලාවට මම එතකොටත් backup card ekak දාලා තිබ්බේ. වාසනාවකට backup card එකේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. එහෙම නොතිබුනා නම් මොකද වෙන්නේ ?

  1. කිසිම හේතුවකට මට ඒ photos ටික recover කරගන්න බැහැ. එතකොට වෙන්නේ client මට විරුද්ධව නීතිමය පියවර ගැනීම සහ ඔහුට වුන අලාභය මගෙන් අය කරගැනීම.

  2. ආපහු මට වගකීමක් භාරදීලා වැඩක්ක රගන්න බැහැ කියන දේ සහ ඔහු දන්නා කිසිම කෙනෙකුට මාව recommend නොකිරීම

ඉතිං මොකටද අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ. ඒ නිසා තාක්ෂනය කොච්චර දියුණු උනත් කිසිම දෙයක් උවමනාවට වඩා විශ්වාස කරන්න යන්න එපා. හැමවෙලාවෙම මතක තියාගන්න වගකීමක් ඇතිව කරන දේ හරියට කරන්න, කැමරාවට Backup Card එකක් දාගන්න. මේක wedding එකක් වෙන්න පුළුවන් වෙනත් අවස්තාවක් වෙන්න පුළුවන්, හැමවෙලාවකම Back card එකක් තියාගන්න.

  1. හැමවෙලේම පුරුදු වෙන්න වැඩක් කරනකොට interval එකක් ගන්න එක මහා ලොකු කාලයක් නෙමෙයි විනාඩි 5ක් 10ක්. අරගෙන ගත්ත ෆොටෝස් ටික කාල සීමාවක් තියාගෙන Backup කරගන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ laptop එක අරගෙන යන්න ගිහිං එකට copy කරගන්න. නැත්නම් portable hard disk එකකට දාගන්න.

හැබැයි portable hard disk කියන්නෙත් Backup කරගන්න ආරක්‍ෂිත දෙයක් නෙමෙයි. ඒ නිසා පුළුවන් නම් එකම portable hard disk එකෙත් backup එකක් තියාගන්න එක තමයි සුදුසු.

එත් මේ file backup කියන දේ වෙන්න ඔන පිළිවෙලකට. ඒ නිසා ඔයාලා මුලින්ම ඉගෙනගන්න ඕන file orgnaize කරන්න. ඒවා පිළිවෙලකට අදාල project එකෙන් හරි විදිහට save කරගන්න.

ඔයාලට පුළුවන් මේකට Adobe Lightroom, Adobe Bridge, Capture one කියන ඒවා උපාකර කරගන්න. නැත්නම් තමන්ටම Manually කරගන්නත් පුළුවන්.

හැබැයි අපි විධිමත් විදිහට කරනවා නම් අපිට ගොඩක්ම සුදුසු දේ තමයි වෙනම Backup solution එකක් පාවිච්චි කිරීම.

NAS Drive

NAS කියන්නේ Network Attached Storage කියන එකයි. මේක වෙනම system එකක්. මේකේ thiyenneth Hard Disk හැබැයි මේකේ තියෙන file RAID system ( Redundant Array of Independent Disks ) එකට අනුව backup වෙනවා. ඒ කියන්නේ NAS system එකේදී අපිට Hard Disk කිහිපයක් යොදාගන්න පුළුවන් සහ ඒ hard disk වල data Mirror කරලා backup කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ backup එකේ Backup එකකුත් තියෙනවා කියන එකයි. ටිකක් මිලෙන් අධික උනත් මේක තමා ඉතාමත්ම සුදුසු අපේ Data backup කරගන්න. පුද්ගලිකව මම දන්නා හොද Backup Solution එකක් තමයි Drobo කියන්නේ


  1. Drobo

Drobo කියන්නේ Data storage එකක්, එයාලා කරන්නේ RAID sytem එකකට Data store කරගන්න එකයි. මේකේ තියෙන. මේ system එකේදී අපිට Backup එකෙත් Backup එකක් ලබාගන්න පුළුවන්. ඔයාලට ඕන නම් පුළුවන් මේකේ 6TB එක අරගන්න. අරගෙන සම්පූර්ණ 6TB ප්‍රමාණයම එක backup එකකට use කරන්න, නැත්න්ම පුළුවන් ඒක දෙකට බෙදලා 3TB කරගෙන ඉතුරු 3TB එක කලින් එකේ backup එක විදිහට පාවිච්චි කරන්න. https://www.drobo.com

මේ වගේ එක එක comapny වලින් Backup Solutions දීල තියෙනවා එක එක මිලගණන් යටතේ, ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ අතේ තියෙන මුදලට හරියට දෙයක් තෝරාගන්න.

ඒ උනාට ඉතින් අපි හැමෝටම සල්ලි නැහැනේ ලොකු backup system එකකට යන්න ඒ නිසා ඔයාලට පුළුවන් මම පාව්ච්ච් කරන විදිහට පොඩ්ඩක් වියදම අඩු කරගෙන Data backup කරන්න.

මම කරන්නේ project එකක් ඉවර උනාම එක ඉස්සෙලම මගේ portable Hard disk ( 1TB ) එකට දාන එක, ඊට පස්සේ එකේම තවත් copy එකක් අනිත් hard disk එකට copy කරනවා ( 5TB ). 1 TB hard disk එකේ මම හැම වෙලාවෙම තියාගෙන ඉන්න මම මෑතකදී කරපු projects ටික. 5 TB එකේ තියෙනෙ backup ටික. ඒ නිසා ඒ වගේ Hard disk කිහිපයක් මගේ ලග තියෙනවා. ඒවා පාවිච්චි වෙන්නේ අඩුවෙන්. හැබැයි මම Edit කරනකොට පාවිච්චි කරන්නේ 512GB SSD එකක්, එක සාමාන්‍ය portable වලට වඩා ගොඩක් Speed වැඩියි, සහ කුඩා නිසා භාවිතයට ලේසි. ඒ නිසා මම හැම වෙලාවෙම මගේ SSD එකේ තියාගෙන ඉන්නේ දැනට වැඩකරගෙන යන Project එක විතරයි.

Project එක ඉවර උන ගමන් මම කරන්නේ RAW file, Edited files වෙනම මගේ anith Hard Disk වලට දාලා පැත්තකින් තියන එක.

  1. Hard Disk වල Name Tag දාන්න අමතක කරන්න එපා

ඊට පස්සේ මම කරන්නේ අර මම අරන් තියෙන Hard Disk ටික Cloud Backup කරන එකයි.

එකට මම ඉස්සර Dropbox පාවිච්චි කළා. එත් එක ගොඩක් slow නිසා මම Microsoft One drive use කළා, එක dropbox වලට වඩා speed උනත් storage එකේ සීමිත බව සහ මුදල නිසා මම Google Drive වලට මාරු උනා. හැබැයි මේ එකක්වත් Backup solution නෙමෙයි, නමුත් backup කරගන්න පුළුවන්.

ඒ නිසා මම දැන් use කරන්නේ Backblaze කියන ච්ලොඋඩ් system එක. එකේත් එක එක package තියෙනවා. එවන් මම use කරන්නේ $6/ Month – unlimited storage කියන package එකයි.

ලංකාවේ Internet දෙන්නේ නිකං වෙඩි බෙහෙත් දෙනවා වගේනේ. අපි සල්ලි දීල ගන්න එකත් මෙහෙ අය peak – Off Peak කියල දෙකට බෙදල තියෙන්නේ. ඉතිං ගන්න data එකෙන් භාගයක් තියෙනේ මහ රෑට. ඒ නිසා මම කරන්නේ Backblaze එකේ backup එක රෑ 12 ඉඳන් උදේ 6 වෙනකන් schedule කරලා තියෙන එකයි. එතකොට මගේ Night data ටිකෙන් මගේ files නිකන්ම Backup වෙලා තියෙනවා.

www.backblaze.com

මීට අමතරව මම Apple Time Machine Backup use කරනවා overall backup එක විදිහට එක හැබැයි තියෙන්නේ Apple users ලට විතරයි.

පහල තියෙන links වලින් ඔයාලට පුළුවන් අනිත් Backup systems ගැන දැනගන්න. 1. www.g-technology.com 2. https://www.lacie.com/as/en/products/dji-copilot/ 3. https://www.seagate.com/in/en/consumer/backup/ 4. https://mycloud.com 5. https://www.buffalotech.com

මේ blog එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් යාලුවෝ එක්ක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා පහලින් comment එකක් දාලා අහන්න පුළුවන් නැත්නම් මගේ Instagram එකට DM කරන්න.

ගිහිං එන්නං ! ❤️

#backblaze #databackup #photobackup #raidbackup #anushkaeranga #doodledrive #filebackup #drobobackup #backupsolutions #NASBAckup

9 views0 comments

Recent Posts

See All