• Anushka Eranga

පොත්තද ? මදයද වැඩිය හොඳ ?

ආන්දෝලනාත්මක මාතෘකාවක් කථාකරන්න යන්නේ. මොකද sony Mirrorless කැමරා කියන්නේ සමස්ත ඡායාරූප ක්ෂේත්‍රයේම පෙරලියක් ඇති කරපු දෙයක්. මේකට බලපාපු හේතු කාරනා ගොඩක් තියෙනවා. ඉස්සර ඉදන්ම sony එකෙන් කැමරා හැදුවත් එයාලට ඒවා market කරන්න කිසි උනන්දුවක් තිබ්බේ නැහැ. ඒ තාක්ෂණික අඩුපාඩු ගොඩක් සහිතව මේ කැමරා තිබුන නිසාත් එය photographers ලා අතර භාවිතය අඩු  වීමත් නිසා.

මේ අතර 1928 ආරම්භ කරපු Minolta කියන company එකත් කැමරා හැදුවා, පසුව ඒ ගොල්ලෝ KONICA කියන company එකත් සමග එකතු උනා. කෙසේ නමුත් අවසානයේ මේ දෙගොලන්ගේ එකතු වෙලා හදුනා company එක Sony සමාගම තමන් සතු කරගන්නවා. එත් සමගම එයාලට හිමි patent බලපත්‍ර sony සමාගම සතු වෙනවා. ඔන්න ඊට පස්සේ තමා එයාලගේ කැමරා ටිකක් සාර්ථක උනේ. එත් එක්කම තමා අපිට sony A mount කියන එක හඳුන්වා දෙන්නේ. එයත් ඒ තරම් පෙරලියක් ඇති නොකළේ ඒ වෙනකොටත් DSLR කැමරා වලින් canon සහ Nikon කියන සමාගම් දෙකම කරට කර සටනක ඉතා ඉදිරියෙන් සිටීමයි. කෙසේ නමුත් මෙයාලගේ mirrorless කැමරා නම් ලොකු පෙරැළියක් ඇති කලේ කාටවත් හිතාගන්න බැරි විදිහට.ඒ හේතු කාරණා ගොඩක් උඩ. පලවෙනි දේ තම භාවිතයේ පහසුව (User-friendly) සහ සැහැල්ලු බව ( Lightweight ). මේවා DSLR කැමරා වගේ Size එකෙන් ලොකු නැහැ. ඊට වඩා කුඩායි ඒ මේක ඇතුලේ Prism එකක් නැති නිසා.

අනිත් දේ තමයි මේක Fully Digital Camera එකක්, සහ අපි change කරන Settings, EVF එකෙන් බලාගන්න පුළුවන් වීම. ඉතිං test shot ගගහ කාලය නාස්ති කරන්න ඕන නැහැ. ඒ වගේම තමා මේකේ Focus Points ගණන ඉතා ඉහල අගයක් සහ Focusing Speed එක DSLR වලට වඩා ගොඩක් වැඩියි.

මේ සේරටම වඩා මට නම් ගොඩක් වැදගත්ම දේ තමා එකෙන් ලැබෙන Sharpness සහ Details. එකට සමකරන්න කිසිම DSLR එකක් සමත් වෙලා නැහැ. ඒ වගේම Low Light Performance සහ Dynamic Range එක.

ඒ වගේම කැමරාවල අඩු පාඩුත් නැතුවම නෙමෙයි. මේවා ප්‍රමාණයෙන් කුඩා වීම නිසා සමහර අයගේ අතට මේක හසුවෙනවා මදි, ඉතිං එකට කරන්න තියෙන්නේ Battery Pack එකක් ගහන එක තමා. ඒ නිසා එක එච්චරම ලොකු ගැටළුවකුත් නෙමෙයි. ඊලගට තියෙන එක තමයි Photos ගන්න පුළුවන් ප්‍රමාණය DSLR වලට සාපේක්ෂව අඩු වීම. එකට හේතුව මේක Fully Digital Camera එකක් වීමයි. මේ ලෝකේ කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැනේ. හරියට ඉස්සර තිබ්බ Nokia Phone එකක් වගේ. සති දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් හැබැයි කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය ඉතාම සීමිතයි. එත් අද තියෙන Smart Phones වල නැති දෙයක් නැහැ, ඒ වගේම Battery එකත් හරියට දවසක් තියාගන්නෙත් අමාරුවෙන්. ඉතින් අර කලින් කිව්වා වගේ Battery Pack එකක් ගහගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ඉවරයි. එහෙම නැතිනම් පුළුවන් මේක Power Bank Use කරලත් Charge කරගන්න.

ඒ වගේම Mirrorless එක්ක අපිට තිබ්බ එක සීමාවක් ඉක්මවන්න පුළුවන් උනා. ඒ තමයි fps ගණන. DSLR වල තියන mirror එක ගගහා  ෆොටෝ ගනිද්දි යන්න පුළුවන් වෙච්ච fps එක සීමා සහිත උනා. නමුත් Mirrorless එක්ක ඒ සීමාවන් ඉක්මවල යන්න හැකිවුනා.

දැන් එතකොට මොකක්ද මේ sensor අවුල? එහෙම කිසිම අවුලක් නෑ. මොකද sony කියන්නේ ලොකු තියෙන හැම කැමරා මාදිලියටම වගේ Sensor හදන සමාගමක්. එක සමහරක් විට එයාලගේ Design එක වෙන්නත් පුළුවන් manufacturing එක විතරක් වෙන්නත් පුළුවන්. මේක ගැන වැඩියෙන්ම කථා බහට ලක්වෙන්න හේතුව තම Nikon D850 කැමරාව එළිදක්වනකොට එකේ sensor එකට Sony සමාගමේ කිසිම සම්බන්ධයක් නොමැති බව සඳහන් කිරීම සහ පසුව එය Sony සමාගමෙන් Manufacture කරපු එකක් බවට එලිවීම.ඉතිං මිනිස්සුන්ට කතාකරන්න දේවලුත් ඕන සහ මේ දවස් වල DSLR සහ Mirrorless අතර තියෙන සීතල යුද්දෙ වැඩි වෙන්න පොඩි රුකලක් වුණා.

Sony Company එකෙන් Sensor නිපදවන Comapny අතර Hasselblad සහ Pentax ද සිටී .

මේ අතර තව ප්‍රශ්න කිහිපයක් මතු වුනා. ඒවා තමා sony වල ආයුකාලය අඩුයි. warranty claim කරන්න අමාරුයි, weather resistant නැහැ වගේ දේවල්.ඕවා සේරම කර කථා. කැමරාව හරියට පාවිච්චි කරනවා නම් ඕනෑම කැමරාවක ආයු කාලය වැඩියි, සහ ලංකාවේ Sony බෙදාහරින්නේ CameraLK ආයතනය. එතනින් ගන්න ඕනෑම කැමරාවකට අවුරුද්දක එකක් Warranty හම්බ වෙනවා සහ කාලය ගොඩක් වැය වන අවස්ථාවකදී ඔබට කැමරාවට කැමරාවක් Backup ලෙස ලබාදෙන එකම ආයතයත් CameraLK ආයතනය පමණයි.

Weather Sealed ගැන කථා කරද්දී ගොඩක් අය පටලවා ගන්න දෙයක් තමයි water resistant කියන දේ. Weather Sealed ගැන කියන්නේ දූවිල්ලෙන් පින්නෙන් එකෙන් කැමරාව ආරක්ෂා වීමයි. water-resistant කියන්නේ කැමරාව ඇතුලට කිසිම ආකාරයකින් වතුර නොයන ආකාරයට Seal කර තිබීමයි. ඉතින් මේක දෙකක්. මම නම් පුද්ගලිකව වැසි අවස්ථාවල ඕන තරම් කරලා තියෙනවා. කරන්න තියෙන්නේ කැමරාවේ එක ආවරණය කර තබා ගැනීම පමණයි. පහල වීඩියෝ එකෙන් ඔයාලට ඒක බලාගන්න පුළුවන්.



Shooting under the Rain This is not my first time using a camera in the rain but thought to upload a small BTS from my recent Commercial done for new open Hotel Resort. This is Sony A7RII which was released on 2015.#AnushkaEranga #Sony #CameraLK Posted by Anushka Eranga on Sunday, May 27, 2018

මෙතන තියෙන වැදගත්ම දේ තමයි Sony හෝ මොනම කැමරාවක් වත් ගත්තා කියලා Photography කියන දේ පුළුවන් වෙන්නෙවත් ගහන ගහන හැම එකම ලස්සන වෙන්නෙවත් නැහැ. මොකද එක ගන්නේ කැමරාව පිටිපස්සේ ඉන්න කෙනා. කැමරාවෙන් අපිට ලැබෙන්නේ භාවිතයේ පහසුව සහ එකට අවේනික වූ විශේෂ ගුණාංග ටික. ඉතිං ඔය ටික හරියට පාවිච්චි කරගන්න බැරුව Camera එකක් ගත්තා කියලා නම් වෙනසක් වෙන්නේ නෑ.

මීට අමතරව මේ මාතෘකාව සමාජ ජාල තුල අරගෙන යන්න මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. කලින් Sony කිව්වම මතක් උනේ TV දැන් එක Cameras වෙලා තියෙනවා. ඒක ඒ තත්වෙට ගෙන්න පුද්ගලිකව මට දායක වෙන්න ලැබීම සහ ඔයාලගෙත් Likes, comments සහ හැම reaction එකක්ම ගොඩක් උදව් උනා. එකට ගොඩක් ස්තුතියි !

#sonymagenikonsensor #CameraLK #sonymirrorless #sonyvsnikon #mirrorless

1 view0 comments