• Anushka Eranga

කැමරාව වතුරට වැටුනොත් ….

එක එක වර්ගයේ විදුලි උපකරණ අපි ලග තියෙනවා, කැමරාවත් ඒ වගේ එකක්. ඉතිං අපි හැමෝම දන්නවනේ වතුර කියන්නේ විදුලු සන්නායකයක්. ඒ කියන්නේ වතුර හරහා විදුලිය ගමන් කරනවා. මේ විදුලි උපකරණ කොයිකට වතුර වැටුනත් ඒක ක්‍රියාවිරහිත වීමට ඉඩ ඇති අවස්ථාව වැඩියි.

හැබැයි ලෝකයේ දියුණුවත් එක්කම මේ උපකරණ ජලයට, දුහුවිල්ලට, වැටීම් වලට වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න නිෂ්පාදනය කරනවා. හැබැයි මේ හැම එකම එක හා සමානව ඉහත කිව්වා දේවලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඒවාට තත්ත්ව සහතික සහ ඒවගේ ඔරොත්තු දීමේ ප්‍රමාණ පෙන්වන සහතික නිකුත් කරලා තියෙනවා.

ඉතිං අපි කැමරාව ගැන කතා කරන නිසා අපි ඒවාට අදාළ දේවල් ටික විතරක් කතා කරමු.!

කැමරාවක් ගන්නකොට අපි බලනවා මේ දේවල් කොච්චරක් දෛනික භාවිතයට ඔරොත්තු දෙනවද කියලා.එතකොට ඒවා කොචරක් දුහුවිල්ලට ඔරොත්තු දෙනවද? සහ ඝර්ෂණයට ? පින්නට ? වැස්සට ? ඔරොත්තු දෙනවද කියලා.

අද කතා කරන්න යන්නේ වතුර සම්බන්ධව නිසා මම කෙලින්ම මතුකාවට අදාලව කතාකරන්නම්.

මොකක්ද Water Proof කියන්නේ ? මොකක්ද Water Resist කියන්නේ ?

Water Proof කියන්නේ වතුර ඇතුලට යාම ඇති හැකියාව සම්පූර්ණයෙන්ම අවහිර කරලා තියෙනවා කියන එකයි. එතකොට මේ වගේ කැමරා ගොඩක් පාවිච්චි කරන්නේ Underwater photography වලට. නමුත් ඒවත් එක්තරා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඒ කැමරා වල ජලයේ කොතරම් දුරක් ගෙනයා හැකිද කියලා සඳහන් කරලා තියෙනවා.

එතකොට මොකක්ද Water Resist කියන්නේ ? Water Resist වලදී වතුර කැමරාව ඇතුලට යන එක සම්පූර්ණයෙන් අවහිර කරලා නැහැ නමුත් සාමාන්‍ය වැස්සකදී, පින්න වැටෙන අවස්ථාවකදී ආරක්ෂා සහිතයි කියන එකයි. මේකම Weather Sheild කියලත් සමහර අය හඳුන්වනවා.

ඒ නිසා අපි දැනගන්න ඕන photos ගන්නකොට කැමරාව පරිස්සම් කරගන්න. මොකද Physical Damage වලට සහ Water Damage වලට කැමරා ආයතන වලින් වගීමක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ඔය මොන දේ කිව්වත් මීට අවුරුදු දෙකකට කලින් මගේ කැමරාවත්, අලුතින්ම ගත්තු lens එකත් මුහුදු රැල්ල වැදිලා නැත්තටම නැති උනා. ඒක මගේ ජීවිතයේ මම විඳපු අමිහිරිම අත්දැකීම කිව්වොත් නිවරදියි. ඒක Nikon D800 එකයි 14-24mm 2.8F lens එකයි, මම ආසම කැමරාවක් සහ lens එකක්. එත් මොනා කරන්නද, මට ඉතුරු උනේ chip එක විතරයි. ඉතුරු සේරම ලුණු වතුරට වීනශ වුනා.

ඒ නිසා කැමරාව වතුරට වැටුන ගමන්ම කරන්න ඕන දේවල් ටික පහලින් ලියන්නම්.

  1. එවෙලේම කැමරාව off කරන්න, බැටරිය ගලවන්න.

  2. lens lens එක සහ ගහලා තියෙන cards සේරම අයින් කරන්න.

  3. වැටුනේ සාමාන්‍ය ගලයන වතුර එකකට නම් ඉක්මනින්ම වියලි හාල් භාජනයකට කැමරාව දාන්න.

  4. වැටුනේ මුහුදු වතුරට නම් ඉක්මනින්ම සාමාන්‍ය වතුර වලින් කැමරාව හෝදන්න. මොකද කොහොමත් කැමරාවට වතුර ගිහින් තියෙන්න අපිට උවමනා ඉක්මනින එහි මුහුදු වතුර සමග මිශ්‍ර ලුණු අයින් කර ගන්න ඕන. නැත්නම් කැමරාවේ තියෙන සේරම දේවල් හානි වෙනවා.

  5. හැකි ඉක්මනින් තාක්ෂණික උපදෙස් ලබාගන්න.

අනතුරකදී අපිට ගොඩක් මේ දේවල් මතක් වෙන්නේ නැහැ, මම ඉගෙනගත්තේ මගේ කැමරාව වතුරට වැටුනට පස්සේ තමයි. එත් එතකොට කැමරාව නැති වෙලා ඉවරයි. එත් දැන් මම දන්නවා කැමරාවට කරන්න පුළුවන් සහ බැරි මොනවද කියලා. පහල වීඩියෝ එකෙ තියෙන්නේ මම වැස්සකදී මගේ කැමරාව පාවිචි කරන අවස්ථාවක්.


Shooting under the Rain This is not my first time using a camera in the rain but thought to upload a small BTS from my recent Commercial done for new open Hotel Resort. This is Sony A7RII which was released on 2015.#AnushkaEranga #Sony #CameraLK Posted by Anushka Eranga on Sunday, May 27, 2018

මගේ අතේ තියෙන්නේ sony A7RII කැමරාව, මේකේ weather sheild හැකියාව ඉතාමත් හොඳයි නමුත් මතක තියාගන්න ඕන දෙයක් තමයි Hot shoe cover එක අනිවාර්යයෙන්ම clip කර තිබිය යුතුයි.

#waterproof #weathersheild #weathersealed #waterresist #dropcamera

1 view0 comments

Recent Posts

See All