• Anushka Eranga

උල්කාපාත වැස්සක Photos ගමුද ?

මම අද කතා කරන්න යන්නේ උල්කාපාත වැස්සක් / එකක් ෆොටෝස් ගන්න විදිහ ගැනයි. අපි මුලින්ම බලමු මොකක්ද මේ උල්කාපාතයක් කියන්නේ කියලා. උල්කාපාතයක් කියලා හඳුන්වන්නේ ඈත අභ්‍යවකාශයේ සිට අපේ වායුගෝලයට ඇතුළුවන ඕනෑම ග්‍රහ වස්තුවක්. ඉතිං මේ උල්කාපාත වායුගෝලයට ඇතුල් වෙනකොට වෙන එකතරා පොදු ලක්ෂණ තියෙනවා, එකක් තමයි වායුගෝලයට ඇතුල් වෙනකොට ඒවා දීප්තිමත් වීම සහ වායුගොලේයේ ගැටීමත් එක්කම ඒවා පිලිස්සී විනාශ වී යාම.

https://www.instagram.com/p/6aPfjNoXYG/

මේ උල්කාපාත සමහරක් ඒවා නම් ගොඩාක් විශාලයි, නමුත් වායුගොලයේදී විනාශ වෙන නිසා ගොඩක් දුරට ඒවා පොලොව මතු පිටට වැටෙන්නේ කලාතුරකින්. මීට වසර දහස් ගණනාවකට කලින් වැටුන උල්කාපාතයක් නිසා කියනවනේ ඔය ඩයිනසෝරයන් එහෙමත් පෘතුවියෙන් වඳ වෙලා ගියා කියන්නේ.

අපිට එදිනෙද රාත්‍රී කාලයේදීත් උල්කාපාත වැටෙනවා බලාගන්න පුළුවන්, නමුත් කොයි වෙලාවේ කොයි පැත්තෙන් වැටෙනවද කියලා දන්නේ නැති නිසා අපි ඒ උල්කාපාත හඳුන්වන්න්නේ “අහඹු උල්කාපාත ” කියලා.

ඒත් උල්කාපාත වැසි එහෙම නෙමෙයි. . උල්කාපාත වැසි වැටෙන කාලය අභ්‍යවකාශ විද්‍ය්යාඥයන් විසින් කලින් බලලා ඒවා මේ කාලයේ මෙන්න මේ දිනයේදී මේ වෙලාවට ගන්නවා කියලා තියෙනවා.

https://www.instagram.com/p/6YBgpQIXSG/

මේ පහලින් තියෙන්නේ Photo-pills App Website එකෙන් Publish කරපු Meteor Shower Calendar එක.

Image Courtesy – Photopills

උල්කාපාත වැස්සකදී මේ උල්කාපාත විහිදෙන එක ස්ථානයක් තියෙනවා, ඒවා එන්නේ එක point එකකින් කිව්වොත් තමා හරි. එක හඳුන්වන්නේ Radiant Point කියලා. පහල Video එකෙන් Photo එකෙන් පුළුවන් ඔයාලට මේක හොඳින් තේරුම් ගන්න.


අපි දැන් බලමු Meteor shower එක shoot කරන්න ලෑස්ති වෙන්නේ කොහොමද කියලා….

  1. LIght Pollution අඩු පැත්තකට යන්න ඕන.

  2. ISO 1600 වත් noise නැතුව ගන්න පුළුවන් කැමරාවක් සහ Wide lens එකක් හොයාගන්න.

  3. Tripod එකක් ගන්න. ( අවුරුදු 6ක වගකීමක් එක්ක හොඳ Tripod එකක් ගන්න නම් මේක උඩ click කරන්න )

  4. උල්කාපාත වැටෙන දිසාව හොයාගෙන photo එක ගන්න frame එක හදාගන්න.

  5. focus කරගන්න කොට Hyper Focal distance එකට වඩා පොඩ්ඩක් ඉස්සරහට focus කරගන්න.

  6. Aperture එක 2.8F වත් තියාගන්න, WB light pollution එකට සාපේක්ෂව වෙනස් වෙනවා, නමුත් 3400K ත් 4000K අතර අගයක් තියාගන්න එක තමා මම අනුමත කරන්නේ.

  7. photos අතර interval එක 2 sec වගේ තියාගන්න. පුළුවන්තරම් ප්‍රමාණයක් photos අරගන්න බලන්න.

  8. පස්සේ කරන්න තියෙන්නේ ඔක්කොම ෆොටෝස් ටික එකට එකතු කරගන්න එකයි. පහල තියෙන්නේ ඒ වගේ photo එකක්.

Image Courtesy – Photopills

කොහොමද edit කරන්නේ කියලා අපි ඊලග meteor shower එක shoot කරලම බලමු. මාත් එක්ක එකතු වෙලා ඉගෙනගන්න කැමති අය මගේ Instagram එක Follow කරන්න. මම එකේ දානවා සේරම විස්තර.

ස්තුතියි !

#meteor #photographysrilanka #galaxy #longexposurephotography #anushkaeranga #srilanka #NightPhotography #shootingstars #milkyway

0 views0 comments

Recent Posts

See All